ථෙරවාද නෙට්

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
 

බුද්ධං සරණං ගච්චාමි, ධම්මං සරණං ගච්චාමි, සංඝං සරණං ගච්චාමි

දේවමා භික්ඛවෙ තථාගතස්ස ධම්මදෙසනා. කතමා දේව: සඬ්ඛ්ත්තෙන ච, විත්ථාරෙන ච. ඉමා ඛො භික්ඛවෙ දේව තථාගතස්ස ධම්මදෙසනාති.
    මහණෙනි, තථාගතයන් වහන්සේගේ මේ ධර්මදේශනා දෙකෙකි. කවර දෙකෙක යත්: සැකෙවින් දෙසුම් හා විතර විසින් දෙසුම ය. මහණෙනි, මේ වනාහි තථාගතයන් වහන්සේගේ ධර්මදේශනා දෙකය. (අංගුත්තර නිකාය, දුක නිපාතය, අධිකරණ වග්ග)

    යෙ ච ඛො ත්වං උපාලි, ජානෙය්‍යාසි: "ඉමේ ධම්මා එකන්ත නිබ්බිදාය විරාගය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තනතී"ති. එකන්සේනුපාලි, ධාරෙය්‍යාසි: එසො ධම්මෝ, එසො විනයො, එතං සත්ථුසාසනත්ති.
     උපාලියෙනි, මෙ දහම්හු එකාන්ත නිර්වේදය (කලකිරිම) සදහා විරාගය සදහා නිරොධය සදහා ක්ලෙශව්‍යයපශමය සදහා අභිඥානය සදහා සම්බොධිය සදහා නිර්වාණය සදහා පවත්නාහයි තො යම් ධර්ම කෙනෙකුන් දනිහි නම්, උපාලියෙනි, තෙල ධර්මය වේ, තෙල විනය වේ, තෙල ශාස්තෘශාසනය වේ යය් ඒකාන්තයෙන් ධරවයි. - සත්ථුසාසන සූත්‍රය , අංගුත්තර නිකාය, සත්තක නිපාත, විනය වර්ගය 

ත්‍රිපිටකය (ථෙරවාද ත්‍රිපිටකය):-> ඩවුන්ලෝඩ්
උපාලිං විනයං පුච්ජි සූත්ත න්තානන්ද පණ්ඩිතන්
පිටකන් තීනි සංගීතින්  අකන්සු  ජිනසාවකා - චුල්ලවග්ගපාළි (විනය පිටකය)       

ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං ඛයං වදාමි, නො අජානතෝ, නො අපස්සතෝ.
මහණෙනි, මම (නුවණීන්) දන්නහුට දක්නහුට ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීම කියමි. නො දන්නහුට නො දක්නහුට නො කියමි.
සබ්බාසව සූත්‍රය (මජ්ඣිම නිකාය)


ධම්ම නියාම
සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්කා, සබ්බේ ධම්මා අනත්තා



ධම්ම නියාම සූත්‍රය - අංගුත්තර නිකාය ( තික නිපාත )

"මහණෙනි, තථාගතයන් වහන්සේගේ උපතිත් හෝ  තථාගතයන් වහන්සේගේ නුපතිත් හෝ "සියලු සංස්කාරයෝ අනිත්ත" යන ඒ ධම්ම  ධාතුව ස්වභාව ස්‌තිතිතාව ස්වභාව නියාමතාව සිටියාම වේයි.  තථාගතයන් වහන්සේ එය අවබෝධ කෙරෙති, එය අභිසමය කෙරෙති. අවබෝධ කොට අභිසමය කොට  "සියලු සංස්කාරයෝ අනිත්ත" යි වදාරත්, දෙසත්, පනවත්, ප්‍රකාරයෙන් පිහිටුවත්, විවරනය කෙරෙත්, විභාග  කෙරෙත්, අවිර්භුත කෙරෙත්.

"මහණෙනි, තථාගතයන් වහන්සේගේ උපතිත් හෝ  තථාගතයන් වහන්සේගේ නුපතිත් හෝ "සියලු සංස්කාරයෝ දුක්ක" යන ඒ ධම්ම  ධාතුව ස්වභාව ස්‌තිතිතාව ස්වභාව නියාමතාව සිටියාම වේයි.  තථාගතයන් වහන්සේ එය අවබෝධ කෙරෙති, එය අභිසමය කෙරෙති. අවබෝධ කොට අභිසමය කොට  "සියලු සංස්කාරයෝ දුක්ක" යි වදාරත්, දෙසත්, පනවත්, ප්‍රකාරයෙන් පිහිටුවත්, විවරනය කෙරෙත්, විභාග  කෙරෙත්, අවිර්භුත කෙරෙත්.

"මහණෙනි, තථාගතයන් වහන්සේගේ උපතිත් හෝ  තථාගතයන් වහන්සේගේ නුපතිත් හෝ "සියලු ධර්මයෝ  අනාත්ම" යන ඒ ධම්ම  ධාතුව ස්වභාව ස්‌තිතිතාව ස්වභාව නියාමතාව සිටියාම වේයි.  තථාගතයන් වහන්සේ එය අවබෝධ කෙරෙති, එය අභිසමය කෙරෙති. අවබෝධ කොට අභිසමය කොට  "සියලු ධර්මයෝ  අනාත්ම" යි වදාරත්, දෙසත්, පනවත්, ප්‍රකාරයෙන් පිහිටුවත්, විවරනය කෙරෙත්, විභාග  කෙරෙත්, අවිර්භුත කෙරෙත්.


අනිත්ත සූත්‍රය - අංගුත්තර නිකාය ( ජක්ක නිපාත, ආනිසංස වර්ගය )

                මහණෙනි, ඒ මහන කිසිදු සංස්කාරයන් නිත්‍ය වශයෙන් බලන්නේ අනුලෝම ක්ශාන්තියෙන් සමන්වාගත වන්නේය යන තෙල කරුණ විද්ධමාන නොවේ. අනුලෝම ක්ශාන්තියෙන් සමන්වාගත නොවුයේ සම්මක්ත්වනියාමයට බස්නේය යන තෙල කරුණ විද්ධමාන නොවේ. සම්මක්ත්වනියාමයට නොබස්නේ සෝවාන් ඵල වේවාය් සේදගාමී ඵල වේවාය් අනගෙමි ඵල වේවාය් රහත් ඵල වේවාය් පසක් කරන්නේය යන තෙල කරුණ විද්ධමාන නොවේ. 

                මහණෙනි, ඒ මහන එකතින් සර්ව සංස්කාරයන් අනිත්ත වශයෙන් දක්නේ, අනුලෝම ක්ශාන්තියෙන් සමන්වාගත වන්නේය යන තෙල කරුණ විද්ධමාන වේ, අනුලෝම ක්ශාන්තියෙන් සමන්වාගත වුයේ සම්මක්ත්වනියාමයට බස්නේය යන තෙල කරුණ විද්ධමාන වේ. සම්මක්ත්වනියාමයට බස්නේ සොතාපත්තිඵලය හෝ සකදාගාමීඵලය හෝ අනාගාමී ඵලය හෝ  අරහත් ඵලය හෝ පසක් කරන්නේය යන තෙල කරුණ විද්ධමාන වේ.
              
දුක්ඛ සූත්‍රය - අංගුත්තර නිකාය ( ජක්ක නිපාත, ආනිසංස වර්ගය )

                මහණෙනි, ඒ මහන එකතින් කිසි  සංස්කාරයක් සුඛ වශයෙන් දක්නේ අනුලෝම ක්ශාන්තියෙන් සමන්වාගත වන්නේය යන තෙල කරුණ විද්ධමාන නොවේ. අනුලෝම ක්ශාන්තියෙන් සමන්වාගත නොවුයේ සම්මක්ත්වනියාමයට බස්නේය යන තෙල කරුණ විද්ධමාන නොවේ. සම්මක්ත්වනියාමයට නොබස්නේ සෝවාන් ඵල වේවාය් සේදගාමී ඵල වේවාය් අනගෙමි ඵල වේවාය් රහත් ඵල වේවාය් පසක් කරන්නේය යන තෙල කරුණ විද්ධමාන නොවේ. 

                මහණෙනි, ඒ මහන එකතින් සර්ව සංස්කාරයන් දුක්ඛ වශයෙන් දක්නේ, අනුලෝම ක්ශාන්තියෙන් සමන්වාගත වන්නේය යන තෙල කරුණ විද්ධමාන වේ, අනුලෝම ක්ශාන්තියෙන් සමන්වාගත වුයේ සම්මක්ත්වනියාමයට බස්නේය යන තෙල කරුණ විද්ධමාන වේ. සම්මක්ත්වනියාමයට බස්නේ සොතාපත්තිඵලය හෝ සකදාගාමීඵලය හෝ අනාගාමී ඵලය හෝ  අරහත් ඵලය හෝ පසක් කරන්නේය යන තෙල කරුණ විද්ධමාන වේ.
 
අනත්ත සූත්‍රය - අංගුත්තර නිකාය ( ජක්ක නිපාත, ආනිසංස වර්ගය )

                මහණෙනි, ඒ මහන එකතින් කිසි  ධර්මයක්  ආත්ම  වශයෙන් දක්නේ අනුලෝම ක්ශාන්තියෙන් සමන්වාගත වන්නේය යන තෙල කරුණ විද්ධමාන නොවේ. අනුලෝම ක්ශාන්තියෙන් සමන්වාගත නොවුයේ සම්මක්ත්වනියාමයට බස්නේය යන තෙල කරුණ විද්ධමාන නොවේ. සම්මක්ත්වනියාමයට නොබස්නේ සෝවාන් ඵල වේවාය් සේදගාමී ඵල වේවාය් අනගෙමි ඵල වේවාය් රහත් ඵල වේවාය් පසක් කරන්නේය යන තෙල කරුණ විද්ධමාන නොවේ. 

                මහණෙනි, ඒ මහන එකතින් සර්ව ධර්මයන්  අනත්ත වශයෙන් දක්නේ, අනුලෝම ක්ශාන්තියෙන් සමන්වාගත වන්නේය යන තෙල කරුණ විද්ධමාන වේ, අනුලෝම ක්ශාන්තියෙන් සමන්වාගත වුයේ සම්මක්ත්වනියාමයට බස්නේය යන තෙල කරුණ විද්ධමාන වේ. සම්මක්ත්වනියාමයට බස්නේ සොතාපත්තිඵලය හෝ සකදාගාමීඵලය හෝ අනාගාමී ඵලය හෝ  අරහත් ඵලය හෝ පසක් කරන්නේය යන තෙල කරුණ විද්ධමාන වේ.

නිබ්බාන සූත්‍රය - අංගුත්තර නිකාය ( ජක්ක නිපාත, ආනිසංස වර්ගය )

                මහණෙනි,  එකතින් ඒ මහන නිර්වාණය දුක්ඛ  විසින්  දකිමින් අනුලෝම ක්ශාන්තියෙන් සමන්වාගත වන්නේය යන තෙල කරුණ විද්ධමාන නොවේ. අනුලෝම ක්ශාන්තියෙන් සමන්වාගත නොවුයේ සම්මක්ත්වනියාමයට බස්නේය යන තෙල කරුණ විද්ධමාන නොවේ. සම්මක්ත්වනියාමයට නොබසමින්  සොතාපත්ති  ඵලය  වේවාය් සකදාගාමී  ඵලය  වේවාය් අනාගාමී  ඵලය  වේවාය් අරහත්  ඵලය  වේවාය් පසක් කරන්නේය යන තෙල කරුණ විද්ධමාන නොවේ. 

                මහණෙනි, ඒ මහන එකතින්  නිර්වාණය සුඛ විසින්  දක්නේ, අනුලෝම ක්ශාන්තියෙන් සමන්වාගත වන්නේය යන තෙල කරුණ විද්ධමාන වේ, අනුලෝම ක්ශාන්තියෙන් සමන්වාගත වුයේ සම්මක්ත්වනියාමයට බස්නේය යන තෙල කරුණ විද්ධමාන වේ. සම්මක්ත්වනියාමයට බස්නේ සොතාපත්ති  ඵලය හෝ සකදාගාමී  ඵලය හෝ අනාගාමී  ඵලය හෝ  අරහත්  ඵලය හෝ සක්ෂයාත්  කරන්නේය යන තෙල කරුණ විද්ධමාන වේ.

==========


සංසාරය (අනමතග්ග සංයුත්තය - සංයුත්ත නිකාය)

 අනමතග්ගෝයං භික්ඛවෙ, සංසාරෝ  (මහණෙනි, සංසාරය නොදන්නා ලද අග ඇතියේ ය)

මාතු සූත්‍රය
මහණෙනි, මෙ සසර නොදන්නා ලද අග ඇතියේ ය. අවිද්‍යාවෙන් ඇවුරුණු තෘශ්නාවෙන් බැදුනු දිවෙන සැරිසරණ සත්වයන්ගේ පුර්ව (මුල්) කෙළවර නො පෙණෙයි. මහණෙනි, මේ දිගුකල යම් සතෙක් එක් සතක්හු මව නොවූ  විරූ  ද, එබදු සතෙක් සුලබ නො වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙ සසර නොදන්නා ලද අග ඇතියේ ය. අවිද්‍යාවෙන් ඇවුරුණු තෘශ්නාවෙන් බැදුනු දිවෙන සැරිසරණ සත්වයන්ගේ පුර්ව (මුල්) කෙළවර නො පෙණෙයි. මහණෙනි, මෙසේ තොප විසින් දිගු කලක් දුක් විදින ලදී. තියුණු දුක් විදින ලදී. (න්‍යාතිව්‍යසන) ව්‍යසන විදින ලදී. සොහොන හෝ පොළව වඩන ලදී. මහණෙනි, එහෙයින් සියලු සංකාරයන්හි කළකිරෙන්නට නිසි මය, නොඇලෙන්නට නිසි මය, මිදෙන්නට නිසිමැයි.

පීතු සූත්‍රය
මහණෙනි, මෙ සසර නොදන්නා ලද අග ඇතියේ ය. අවිද්‍යාවෙන් ඇවුරුණු තෘශ්නාවෙන් බැදුනු දිවෙන සැරිසරණ සත්වයන්ගේ පුර්ව (මුල්) කෙළවර නො පෙණෙයි. මහණෙනි, මේ දිගුකල යම් සතෙක් එක් සතක්හු පිය නොවූ  විරූ  ද, එබදු සතෙක් සුලබ නො වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙ සසර නොදන්නා ලද අග ඇතියේ ය. අවිද්‍යාවෙන් ඇවුරුණු තෘශ්නාවෙන් බැදුනු දිවෙන සැරිසරණ සත්වයන්ගේ පුර්ව (මුල්) කෙළවර නො පෙණෙයි. මහණෙනි, මෙසේ තොප විසින් දිගු කලක් දුක් විදින ලදී. තියුණු දුක් විදින ලදී. (න්‍යාතිව්‍යසන) ව්‍යසන විදින ලදී. සොහොන හෝ පොළව වඩන ලදී. මහණෙනි, එහෙයින් සියලු සංකාරයන්හි කළකිරෙන්නට නිසි මය, නොඇලෙන්නට නිසි මය, මිදෙන්නට නිසිමැයි.


දානය


පින් හෙවත් කුසල්

දීඝ නිකායෙහි චක්කවත්ති සූත්‍රයෙහි  මෙසේ සංග්‍රහ  වන්නේය
"කුසලානං භික්ඛවේ ධම්මානං සමාදාන හේතූ ඒවමිදං පුඤ්ඤං පවඩ්ඪති"
( කුසල් දහම් සමාදන් වීමෙන් භික්ෂූනි මෙ වැනි පින් වැඩේ  ).


අංගුත්තර සත්තක නිපාතෙයහි  මාපුඤ්ඤභායි  සූත්‍රය
"මා භික්ඛවේ, පුඤ්ඤාණං භායිත්ථ. සුකස්සෙතං භික්ඛවේ, අධිවචනං යදිදං පුඤ්ඤාන්ති"
( භික්ෂූනි, පිනට බිය නොවව්. භික්ෂූනි, 'පින' කියන්නේ සැපයට කියන තවත්  නමක්.)


"තීණමානි, භික්ඛවේ, පුඤ්ඤකිරියවත්ථුනි, කතමානි තීණි? දානමයං පුඤ්ඤකිරියවත්ථු සීලමයං පුඤ්ඤකිරියවත්ථු භාවනාමයං පුඤ්ඤකිරියවත්ථු "
( භික්ෂූනි, පුඤ්ඤ කියා වස්තූන් තුනකි. කවර තුනක්ද ? දානමය පුඤ්ඤ කියාවස්තුවය සීලමය පුඤ්ඤ කියාවස්තුවය භාවනාමය පුඤ්ඤ කියාවස්තුවය ) යනුවෙන් දීඝ නිකාහෙහි සඞ්ගීති සූත්‍රයෙහි ද අංගුත්තර අට්ඨක නිපාතෙයහි දානවග්ගෙයහි පුඤ්ඤකිරියවත්ථු සූත්‍රයෙහි ද භාවනා කිරීම පවා පුඤ්ඤ කියාවක් බව විස්තර වේ.


"කත පුඤ්ඤෝසි ත්වං ආනන්ද, පධානමනුයුඤ්ජ, ඛිප්පං හෝහිසි අනාසෙවෝ" ( ආනන්දය, තොප පින් කරන ලද්දෙහි, පධන් වීර්යය වඩනු, වහ වහා රහත් වන්නෙහිය ) - මහා පරිනිබ්බාන සූත්‍රය, දීඝ නිකාය


භාවනා


==========